(Falooda 🍹)
අද අපි ෆලුඩා හදන විදිහ දැනගනිමු
අවශ්‍ය දේවල්
♦️ජෙලි පැකට් එකක්
♦️වොම්සිලි ස්වල්පයක්
(super market වල ගන්න තිබේ. මෙය නුඩ්ල්ස් එකක් වගේ. හැබැයි මේක ගොඩක් හිනි )
♦️කස කසා තේ හැදි 2 ක්
♦️අයිස් ක්‍රීම් ස්කුප් 1-2 ක්
♦️කජු ස්වල්පයක්
♦️වියළි මිදී ස්වල්පයක්
♦ෆ්‍රෙෂ් ️මිල්ක් කප් 1 ක්
♦️රෝස් සිරප් අවශ්‍ය ප්රෙමාණය අනුව
♦️සීනි රස අනුව
♦️උණු වතුර (ජෙලි ඒක සදහා )
♦️වතුර ස්වල්පයක් (කස කස ඒක සදහා )
සාදන විදිහ
👨🍳ඔබ මෙය හදාන්න කලින් මුලින්ම ජෙලි හදලා තියාගන්න.. ජෙලි පැකට් එකට උණු වතුර දාලා කවලම් කර.. නිවුණු පසු. ශීතකරණයට දාන්න සෙට් වෙන්න..
👨🍳ඊළගට කස කසා ටික හොදට හෝදන්න.හෝදලා පොඩි භාජනයකට දාලා වතුර ටිකකුත් දාලා පැත්තකින් තියන්න.
(පැය බාගයක් පමණ )
👨🍳ඊලගට වොම්සිලි ටික තම්බලා ගන්න. මෙය ඉක්මනින් තැම්බෙනවා ..උතුරන වතුරට දාලා විනාඩියක් වගේ තැම්බූවාම ඇති.. මෙය තැම්බූ පසු පෙර්නෙකට දාලා වතුර එකකට අල්ලන්න නිවෙන්කම්.. ඉන්පසු ශීතකරණයට දාන්න කුල් වෙන්න..
👨🍳ඊළගට ෆ්‍රෙෂ් මිල්ක් ලිපේ තබා මද වෙලාවක් කවලම් කරමින් උතුරගන්න ඉන්පසු එයත් ශීතකරණයේ දාන්න හොදට කුල් වෙන්න....
👨🍳දැන් මිල්ක් ඒක හොදට කුල් වුණාම එය එලියට අරගෙන රස අනුව රෝස් සිරප් සහ සීනි දාගෙන කවලම් කර පැත්තකින් තියන්න.
👨🍳දැන් ග්ලාස් එකක් ගන්න එයට මේ පිළිවෙලට අඩියට
♦️පොඩියට කපාගත් ජෙලි ටිකක් දාන්න
♦️කස කසා ටිකක් දාන්න.
♦️වොම්සිලි ටිකක් දාන්න
♦️මිල්ක් ටිකක් දාන්න
♦ඉන්පසු ආයෙම ️ජෙලි ටිකක් දාන්න.
♦️අයම මිල්ක් ටිකක් දාන්න කට ගාවටම දාන්න එපා.
♦️ඊළගට එයට අයිස් ක්‍රීම් දාගන්න.
♦ඊළගට වියළි මිදී, කජු, ඔබ ළග පලතුරැ තිබෙන නම් ඒවා දාගන්න
👨🍳ඒවා දාගත්ත පසු ඔබට අවශ්‍ය නම් රෝස් සිරප් වලින් ග්ලාස් එක decoration කරගන්න පුළුවන්..
එහෙනම් යාලුවනේ ඔයාලත් හදල බලලා රස කොහමද කියල අපිටත් කියන්න අමතක කරන්න එපා


0 Comments