පෑන්කේක් Recipe
අවශ්ය දේවල්
✅පාන් පිටි කප් 1
✅බිත්තර 1
✅කහ ස්වල්පයක්
✅රස අනුව ලුනු
✅වතුර
✅පැණි පොල් සාදා ගැනිම
✅ගා ගත් පොල් කප් 1
✅පැනි හෝ හකුරු
♦ මුලින් ම පාන් පිටි ටික හලා ගන්න දැන් හලා ගත් පිටි ටික තරමක් ලොකු භාජනයකට දා ගෙන එයට බිත්තර කඩලා දා ගන්න රස අනුව ලුනු ස්වල්පයක් සහ කහ ස්වල්පයක් දා ගෙන වතුර ටික ටික දමමින් උකු මිශ්රනයක් හදා ගන්න.
♦ මෙම බැටර් එක ගොඩාක් උකුවට හදා ගැනිමට අවශ්ය නැහැ ඉන් පසු මෙම මිශ්රනය වෙනත් භාජනයකට තේ පෙරනයක් ආධාරයෙන් පෙරා ගන්න කැටි ගැසි ඇත්නමි පෑන් කේක් එක ලස්සනට හදා ගන්න බැහැ
♦ දැන් හදා ගත්ත මෙම බැටර් එකෙන් කප් භාගයක් පමන වෙනත් භාජනයකට දා ගන්න දැන් එම මිශ්රනයට කොකෝපවුඩර් මෙිස හැදි දෙකක් පමන දා ගෙන හොදට කවලමි කර ගන්න කැටි නැති වෙනකමි
♦ ඉන් පසු එම මිශ්රනය පියන සහිත ප්ලාස්ටික් බෝතලයකට දා ගෙන උඩ පියනේ සිදුරක් විද ගන්න
♦ මෙම මිශ්රනය තැටියකට රවුමට දා ගන්න පුලුවන් විදියට මම නමි ගත්තේ ඉවර වුන ප්ලාස්ටික් සොස් බෝතලයක්
♦ඉන් පසු නනස්ටික් හෝ වෙනත් පෑන් එකක් අඩු ගින්දරේ ලිපේ තියා ගන්න දැන් පෑන් එක මත තෙල් ස්වල්පයක් ගා ගෙන ඔබ හදා ගත්ත චොක්ලටි පවුඩර් බැටර් එකෙන් රවුමටදා ගන්න පෑන් එක මත ඉන්පසු එය ටිකක් පෑන් එකේ වෙිලුම් ස්වභාවයක් ආ පසු පෑන් කේක් බැටර් එකෙන් ටිකක් දා ගෙන රවුමට පෑන් කේක් එක හදා ගන්න
♦ ඉන්පසු පෑන් කේක් එක හරි ගිය පසු පැතලි හැන්දකින් හෝ ස්පැචුල එහෙකින් හරි හෙමිට අනිත් පැත්ත හරවා ගෙන පෑන් කේක් හදා ගන්න
♦ ඔබෙි කැමත්ත අනුව පැණිපොල් ටිකක් තියා ගන්න (මම පැණි පොල් හදන විදිය ලිවිවෙි නැහැ එය හැමෝම දන්න නිසා ) ඩෙිකරේටි කරපු පැත්ත පිටතට පේන පරිදි ඉන්පසු රෝල් කර ගන්න (මෙතනදි විශේෂ දෙයක් කිව යුතුයි ඔබ චොක්ලටි ටික රවුමට දා ගත්ත හැටියේ මෙම පෑන් කේක් මිශ්රනය දා ගන්න යන්න එපා එහෙම වුනොත් එකට එකතුවෙනවා ඒ නිසා රවුමට දා ගෙන එය හොදට කර ගතියට ආපසු තමයි පෑන් කේක් එකට පිටි දා ගන්නේ )
♦ඉතිං දැන් ලස්සනට ඩෙිකරේටි කරපු පෑන් කේක් හදලා ඉවරයි ඔයාලත් මෙි විදියට හදලා ගෙදර අයත් එක්ක රස බලන්න

0 Comments