🥣උදෑසන ආහාරයට ඉක්මනින් හදන්න පුළුවන් පාන් රෙසපියක් තමයි මම අද ගෙනාවේ....🥣
🍞බ්රේඩ් ඔම්ලට්🍳
හරිම රසයි ඔයාලත් හදලා බලන්න කෝ
අවශ්‍ය දේවල්
🍳පාන් පෙති හතරක්
🍳බිත්තර හතරක්
🍳ලික්ස් කොළ හයක්
🍳ළුණු ගෙඩියක්
🍳ලුනු රස අනුව
🍳ගම්මිරිස්
🍳කෑලි මිරිස්
🍳පොල් තෙල් තේ හැදි හතරක්
සාදන අයුරැ
🥪 බිත්තර කහ මද සුදු වෙන් කර ගන්න
🥪 බිත්තර සුදු මදයට ලුනු,කෑලි මිරිස්,ළුණු එක් කරන්න හොදින් විස්ක් කරන්න
🥪 ලික්ස් කොළ කැමති හැඩයකට කපා ගන්න බිත්තර මිශ්‍රණයට දාලා කවලම් කරන්න
🥪 දැන් පාන් පෙති බිත්තර මිශ්‍රණයෙ පොගවලා පොල් තෙල් තේ හැන්දක් දාලා පාන් පෙත්ත හොදින් දෙපැත්ත පුච්ච ගන්න
🥪 බිත්තර කහ මදයට ගම්මිරිස් කුඩු දාලා වෙනම ඔම්ලට් එකක් දාලා ඔයාලා කැමති හැඩයේ කටර් එකකින් කපලා පාන් පෙත්ත මැදින් තියන්න
🥪 කහ මදය පාන් පෙත්ත මැදින් තියලා චිස් හො සෝස් දාලා කෑමට ගන්න😍
.jpg)
.jpg)
.jpg)
.jpg)
0 Comments