Easy club sandwich

 

👉ඔබ‍ට මෙය වාටි කපා හෝ නැතුව ගන්න පුළුවන්.

👉ඔබ‍ට මෙයට කැමති පාන් වර්ගයක් ගන්න පුළුවන්  Brown bread, white bread, french bread, ඒ ආදී දේවල් 

👉මෙයට ගන්න පාන් ටෝස්ට් කර හෝ නැතුව ගන්න  පුළුවන්. 


Club sandwich 

සාමානයෙන් මෙම සැන්ඩ්විච් එකට හදාද්දී පාන් පෙති 2කින් හෝ පාන් පෙති 4-5ක්‌ උඩට උඩට තියලා හදාගන්න පුළුවන්.. 

මන් ඒ විදි දෙකම හදන විදිහ දාන්නම්. 

මන් මෙහි සදහන් කරන දේවල් ඔබ ළග නැති නම් ඔබ‍ට ළග තිබෙන දේවල් වලින් එය හදාගන්න. 

          👀 පලවෙනි විදිහ 

පාන් පෙති 2ක්‌ ටෝස්ට් කරලා ගන්න.. 

දැන් එක පාන් පෙත්තක මයෝනයිස් ගන්න. දැන් එහි මේ පිළිවෙලට 

1 සලාද කොලයක්  තියන්න 

2 තක්කාලි රවුම් ටිකක් කපලා තියන්න. 

3 චීස් පෙත්තක් තියන්න 

4 බේකන් කැල්ලක් fry කරලා තියන්න 

5 බිත්තරයක් fry කරලා  තියන්න. 

දැන් අනිත් පෙත්තෙත් මයෝනයිස් ගලා වහන්න.. 

ඊට උඩින් ටුත් පික් එකක් ගහන්න.. 

           👀 දෙවෙනි විදිහ

පාන් පෙති 5ක්‌ ගන්න ටෝස්ට් කරලා. හැම පාන් පෙත්තකම මයෝනයිස් ගන්න. 

දැන් එක පෙත්තක් ගන්න  එහි සලාද කොළ සහ  රවුම් කපාගත් තක්කාලි, ළුණු තියන්න. 

දැන් පාන් පෙත්තකින් එය වහන්න  දැන් එහි 

චීස් සහ chicken ham  තියන්න. එයත් වහන්න 

දැන් එය උඩින් බිත්තරයක් fry කරලා තියන්න. දැන් එයත් වහන්න... දැන් ඊට උඩින් කුක් කරගත් බේකන් හෝ චිකන් තියලා වහගන්න.. 

ඊට උඩින් ටුත් පික් ගහන්න. වාටි ටික කැමති නම් කපාගන්න. ♥️

Post a Comment

0 Comments