- කැරමල් සීනි
සීනි කැරමල් කරගන්නේ මේ ආකාරයටයි.
- සීනි ගෙන සාස්පානකට දමා ලිප තබන්න.
- ඉන් පසුව හැඳි ගාමින් සීනි දුඹුරු පාට වන තුරු උණු කර ගන්න.
- එයට වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරමින් උණු වෙන්නට තබන්න.
- ඉන්පසුව ලිප නිවා පසෙකින් තබන්න.
- බේකින් පවුඩර් මේස හැඳි භාගයක්
- වියළි මිදි 500g
- සීනි 500g
- පාන් පිටි 500g
- බටර් 300g
- කෝන්ෆ්ලවර් මේස හැදි තුනක්
- සෝයා පිටි මේස හැඳි හතරක්
- ගෝල්ඩන් සිරප් මේස හැඳි දෙකක්
- ලුණු ස්වල්පයක්
- කිරි කෝප්ප එකක්
සාදන ක්‍රමය 👯
- පාන් පිටි, බේකින් පවුඩර්, සෝයා පිටි සහ කෝන්ෆ්ලවර් මිශ්‍රකර හොඳින් හලාගන්න.
- සීනි සහ බටර් එකතු කර කලවම් කරන්න.
- එයට ගෝල්ඩන් සිරප්, කැරමල් කරගත් සීනි යොදා කලවම් කරන්න.
- මීළඟට කිරි එකතු කර මිශ්‍රකර අවන් එකට දමා බේක් කරගන්න.


0 Comments