ඉඟුරු සුදු ළූනු පේස්ට් (Ginger garlic paste)

 



කල් තියාගෙන පාවිච්චි  කරන්න පුළුවන් විදියට ඉඟුරු සුදු ළූනු පේස්ට් හදන්නෙ කොහොමද කියලා ..දැනගන්න කැමති ඔයලා වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක අරගෙන  ආවේ..

මම සාමාන්‍යයෙන් ඉඟුරු සුදු ළූනු ටිකක් වැඩිපුර ගෙනල්ලා   මාසයකට හරියන විදියට මේ පේස්ට් එක හදලා තියා ගන්නවා.. ඇත්තටම උයන වෙලාවට මේක හරිම ප්‍රයෝජනවත් .. ඒ වගේම හරිම ලේසියි ..

එහෙනම් බලමු කොහොමද මේක හදන්නෙ කියලා ..


🔸 ඉඟුරු  200 g 🥔

🔸 සුදු ළූනු  200 g 🧅

🔸 ලුණු කුඩු  තේ හැන්ඳක් .

🔸 පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස 
      හැඳි දෙකක් .

සාදන ක්‍රමය  :- (●'◡'●)

🔸 මුලින්ම ඉඟුරු ටික අරගෙන ඒවේ මඩ තියෙනවා නම් හොඳට සෝදලා පිහියක් ආධාරයෙන්  පොතු ටික යවා ගන්න . දැන් ආයෙමත් වතාවක් හොඳට අතින් අතුල්ලලා සෝදන්න ..ඉන්පස්සේ කිචන් ටවල් එකකින් හරි ටිශූවලින් හරි ඉඟුරු ටික ,ඒවෙ තෙත් ගතිය නැති වෙනකන් හොඳට තද කරමින් පිහිදාන්න..දැන්  ආයෙමත් කිචන් ටවල් එකක් උඩ තුනී කරලා පැය බාගයක් විතර තියෙන්න අරින්න ..

🔸 ඒ අතරෙ සුදු ළූනුවල පොතු ඇරලා , ඒ ටිකත් ඉඟුරු ටික වගේම සෝදලා වතුර පිහිදාලා තියලා තියන්න..

🔸 පැය බාගයකට පස්සෙ ඉඟුරු ටිකයි සුදු ළූනු ටිකයි  තෙත නැති පිරිසිදු මතුපිටක් මත තියලා තරමක කෑලිවලට කපා ගන්න ..( සුදු ළූනු නම් දෙකට කපා ගත්තම ඇති )

🔸  දැන් මේ ජාති දෙක ග්‍රයින්ඩර් එකේ පොඩි කප් එකට දාලා , ඒකට ලුණුයි , තෙල් ටිකයිත් දාලා  හොඳට ක්‍රීම් වෙන්න ග්‍රයින්ඩ් කරන්න ..

🔸 ඊට පස්සෙ මේ පේස්ට් එක තෙත නැති පිරිසිදු කුඩා වීදුරු බෝතල් කිහිපයකට  දාලා හොඳින් තද වෙන්න මූඩිය වහලා , වැඩි බෝතල් ප්‍රමාණයක් ෆ්‍රිජ් එකේ උඩ කොටසෙත්  ( ෆ්‍රීසර් එකේ ) එක් බෝතලයක් ෆ්‍රිජ් එකේ පහල කොටසෙත් ගබඩා කර තබා ගන්න ..

🔸 ෆ්‍රිජ් එකේ පහලින් දාපු බෝතලේ තියෙන ඉඟුරු සුදු ළූනු පේස්ට් එක එදිනෙදා ඉවුම්  පිහුම් කරද්දි  සතියක් හෝ සති දෙකක් ඇතුලත පාවිච්චියට අරගෙන අවසන් කරන්න ..ඒක ඉවර උනාම ෆ්‍රීසර් එකෙන් තව බෝතලයක් අරගෙන ෆ්‍රිජ් එකේ පහලින් දාලා තියලා පාවිච්චියට ගන්න ..



🔸🔸 මේක හදද්දී වතුර පොඩ්ඩක්වත් මිශ්‍ර වෙන්න දෙන්න එපා..කපන්න ගන්න පිහියෙ ඉඳලා පාවිච්චි කරන ඔක්කෝම දේවල් වතුර නැති පිරිසිදු ඒවා වෙන්න ඔනෙ.. එහෙම නොවුනොත් පේස්ට් එක නරක් වෙන්න පුළුවන් ..

🔸 ඒ වගේම පේස්ට් එක හොඳ පිරිසිදු වියලි බෝතල්වලම දාලා තියන්න..බෝතලයෙන් පේස්ට් ගනිද්දී පිරිසිදු වියලි හැන්ඳක් පාවිච්චි කරන්නත් , එහෙම ගනිද්දී කට වටේ ගෑවුණ පේස්ට් ටික පිහිදාලා තියන්නත්  අමතක කරන්න එපා ..

🔸 මේ පේස්ට් එකට ලුණුයි තෙලුයි එකතු කරන්නේ ඒ වර්ග  දෙකම මේක කල් තබා ගන්න උදව් වෙන වර්ග දෙකක් නිසා..

🔸 මෙහෙම හදන ඉඟුරු සුදු ළූනු පේස්ට් එක ෆ්‍රීස් කලාම  සාමාන්‍යයෙන් මාස හයක් වගේ කාලයක්  තියා ගෙන ප්‍රයෝජනයට ගන්න  පුළුවන් .. පහල කොටසෙ දැම්මොත් සති දෙකක් වැනි කාලක්  තියා ගන්න පුළුවන්.



Post a Comment

0 Comments