මෙහෙම හදලා බලන්න. ගොඩාක් රසයි 😋
🔸 සුදු හතු 200 g .
🔸 ලොකුවට තීරු කපා ගත් බී ළූණු ගෙඩි
දෙකක්
🔸 මැද කොටස ඉවත් කර ලොකුවට කෑලි
කපා ගත් ඉදුණු තක්කාලි ගෙඩියක්
🔸 ලොකුවට කපා ගත් අමු මිරිස් කරල්
කිහිපයක්
🔸 රම්පෙ කරපිංචා ටිකක්
🔸 පොඩි කුරුඳු පොත්තක්
🔸 අබ ඇට තේ හැඳි කාලක්
🔸 අලුත කොටා ගත් ගම්මිරිස් කෑලි තේ
හැඳි 2
🔸 ඉඟුරු සුදු ළූනු පේස්ට් තේ හැඳි බාගයක් .
🔸 අමු තුනපහ කුඩු තේ හැඳි 1 / 2
🔸 කහ කුඩු තේ හැඳි කාලක් .
🔸 තෙල් මේස හැඳි තුනක් .
🔸 සීනි තේ හැඳි බාගයක් .
🔸 රස අනුව ලුණු .
🔸 මුලින්ම හතු ටික අරගෙන ටිකක් ලොකුවට කෑලි කඩලා , සෝදලා හොඳට වතුර මිරිකලා පැත්තකින් තියා ගන්න ..
🔸 දැන් හොඳට පදම් උන හට්ටියක් හරි නන්ස්ටික් පෑන් එකක් හරි ලිපේ තියලා , ඒකට තෙල්වලින් මේස හැඳි දෙකක් දාලා රත් කරන්න
🔸 දැන් වතුර මිරික ගත්ත හතු එකට ලුණු කුඩු චුට්ටක් එක්ක කහ කුඩු චුට්ටක් දාලා ඇඟිලි තුඩුවලින් ඉක්මනින් මිශ්ර කරලා මේ රත් වෙච්චි තෙල් එකට දාන්න ..දැන් ලිපේ ගින්දර වැඩි කරලා හතු ටික හැන්ඳකින් එහා මෙහා කරමින් රන්වන් පාටට එනකන් බැදලා හොඳට තෙල් බේරලා පිඟානකට දා ගන්න
🔸 දැන් ඒ පෑන් එකේ ඉතුරු උන තෙල් එකට ඉතුරු තෙල් මේස හැන්ඳ දාලා අබ ටික දාලා පුපුරන්න දෙන්න .. ඊලඟට කපා ගත් ළූනු ටික දාලා විනාඩියක් විතර හොඳට කලවම් කරමින් තෙම්පරාදු කරලා , රම්පෙ කරපිංචා , ඉඟුරු සුදු ළූනු පේස්ට් , අමු මිරිස් එක්ක කුරුඳු පොත්ත දාලා හොඳට සුවඳ එනකන් තෙම්පරාදු කරන්න
🔸 ඊලඟට ලිපේ ගින්දර අඩු කරලා මේකට කහ කුඩු , තුනපහ කුඩු , ගම්මිරිස් කුඩු , රස අනුව ලුණු කුඩු , සීනි එක්ක තක්කාලි ටිකත් දාලා වතුර මේස හැන්ඳකුත් දාලා තක්කාලි ටිකක් මෙලෙක් වෙනකන් තෙම්පරාදු කරන්න
🔸 දැන් තෙම්පරාදුවෙ ලුණු ඇඹුල් බලලා , ඒවා මදි නම් ගානට දාගෙන ( ලුණු දාද්දි පරෙස්සමින් ..මොකද බැදපු හතුවලත් ලුණු තියෙනවා ) අන්තිමට බැදපු හතු ටික එකතු කරලා හොඳට කලවම් කරන්න ..දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා තවත් විනාඩි තුන හතරක් විතර තෙම්පරාදු කරලා ලිපෙන් බාලා කැමති නම් දෙහි ඉස්ම චුට්ටක් එකතු කරලා කෑමට ගන්න .


1 Comments
හරිම රසයි.මාත් හැදුවා. Thanks 😋
ReplyDelete