- කපාගත් සොසේජස් ග්‍රෑම් 400
- රවුමට ලියාගත් ළූණු ගෙඩි 1
- තක්කාලි කෙචප් කෝප්ප 1
- කපාගත් මාළුමිරිස් කරල් 2
- රවුමට කපාගත් තක්කාලි ගෙඩි 2
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1
- සෝයාසෝස් මේස හැඳි 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ටිකක්
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- කෑලිමිරිස් තේ හැඳි 1
- කෝන්ෆ්ලා මේස හැඳි 1
පෑන් එකට තෙල් ටිකක් දාලා සොසෙජ් ටික බැදගන්න. හොඳට බැදුණම ඒ ටික අයින් කරලා චොප් කරගත් ඉඟුරු සුදුළූණු ටික දාගන්න.
ඒ අතරෙ කෝන්ෆ්ලා වලට සෝයාසෝස්, තක්කාලි සෝස් ටිකක්, මිරිස්කුඩු හා කහකුඩු, ගම්මිරිස්කුඩු චුට්ටක් දාලා කලවම් කරගන්න. මේකට වතුර චුට්ටක් දාලා සෝස් එකක් හදාගන්න.
ඉඟුරු සුදුළූණු හොඳට ෆ්‍රයි වෙලා නම් ළූණු හා මාළු මිරිස් ටික දාගන්න. ටිකකින් රස අනුව ලුණු දාලා කෑලිමිරිස් එකතු කරගන්න.
ඊළඟට හදාගත් සෝස් එක දාලා කලවම් කරගන්න. කැමති නම් තව වතුර ටිකක් දාල කලවම් කරලා තක්කාලි ටික එකතු කරගන්න. අන්තිමට සොසේජස් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.


1 Comments
Wow
ReplyDelete